SAW VI - තවත් කුරිරු අවසානයක්

Saw vi (2009)
                     
        
  ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම මගේ 2 වෙනි උපසිරැසියත් අරන් ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් ලිපියෙ කිව්ව විදියට SAW 6 තමයි උපසිරැසිය අරන් ඇවිල්ලා තියෙන්නෙ. SAW ගැන කියනවනම් මේක ෆිල්ම් සීරීස් එකක්. මේ ඒකෙ 6 වෙනි එක. SAW කලින් ඒවත් බලල ඇති කියලා මං විශ්වාස කරනවා. Baisopelk එකට එන සහෝලා SAW බලලා නැත්නම් වැඩක් නෑනෙ.ඒක නෙවෙයි දැන් ෆිල්ම් එක දිහා ටිකක් බලලා ඉමු.
                       ඉතින් ෆිල්ම් එක ගැන කියනව නම් මේක 2009 ඔක්තෝබර් 23 තමයි release වෙලා තියෙන්නෙ. Kevin Greutert ගෙ අධ්‍යක්ෂණය අනුව Tobin Bell ජිග්සෝ විදියටත්, Costas Mandylor පරීක්ෂක හොෆ්මන් විදියටත්, Betsy Russell ජෝන්ගෙ බිරිඳ ජිල් විදියටත්, Peter Outerbridge රක්ෂණ කළමණාකාර විලියම් විදියටත් වගේ නළු නිලියො ගොඩක් මේකෙ රඟපානවා. IMDb Rating එක 6 ක් තියෙනවා.


ඔයාලා මේ ෆිල්ම් එකේ කලින් කොටස් බලල තියෙනවනම් දන්නව ඇතිනෙ මොකද්ද කතාව කියලා. SAW 6 එකේ තියෙන්නෙ කලින් කතාවෙදි ජෝන් එයාගෙ බිරිඳ, ජිල්ට ඉතිරි කරලා ගියපු පෙට්ටියෙ කතන්දරේ. ඒකෙන් ජෝන් කියලා තියෙන්නෙ ජෝන්ට ඉවර කර ගන්න බැරි වුණ මිනිස්සු 6 දෙනෙක් ගැන. එයා මේක ජිල්ට බාර දෙනවා. ජිල් මේකෙන් 5ක් බාර දෙන්නෙ හොෆ්මන්ට. ඒ කියන්නෙ ජෝන්ගෙ යාළුවට. අනෙක එයාමයි කරන්නෙ. ඉතින් කවුද මේ හයදෙනා? ඇයි ජිල් අන්තිම ඉල්ලීම විතරක් කරන්නනේ? ඒවගේම මේකෙදි හොෆ්මන්ට පරණ යාළුවෙකුත් මුණ ගැහෙනවා. ඊළඟට….මෙහෙම කියන්න ගියොත් කතාවෙ රසයට හානි වෙනවනේ. ඒක ෆිල්ම් එක බලලම බලා ගන්න. මගේ පළවෙනි නිර්මාණයට කොමන්ට් දාපු හැමෝටම ස්තූතියි කියන ගමන් මම සමු ගන්නවා. ආයෙත් හම්බ වෙමු!!!! පුළුවන්නම් මගේ ඊළග නිර්මාණය කියන්න බලන්න.

http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=Scream-3-2000.zip

https://mega.co.nz/#!3Qw2GZaD!2vOkL2w-D7HWqHVaCLa5RxK9iC3sT55X0s_MTFZReC0