SAW 5 - බිහිසුණු ඉරණම(18+) (සිංහල උපසිරැසි සමග)




Saw V (2008)

                                කොහොමද කස්ටියට. ඔන්න මම ඔයාලා කියලා තිබුණ විදියටම SAW චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේක දෙන්න මට ටිකක් කල් ගියා. හේතුව තමයි කොලිටි දෙකකින් මේක දෙන්න මම හිතපු නිසා. දැන් කතාව දිහා පොඩ්ඩක් බලලා ඉමුකෝ.
                                  චිත්‍රපටිය ගැන කියනවනම් මේක පටිගත වෙලා තියෙන්නේ 2008 වසරේදි. David Hackl තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිතය වන ජිග්සෝට පණ පොවන්නෙ Tobin Bell. ඊට අමතරව Costas Mandylor, Betsy Russell, Scott Patterson වගේ ගඩෙක් නළු නිළියෝ මේකෙ රඟපානවා. 5.8 ක IMDb අගයකුත් මේකට තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 10.8 කට ආසන්න ප්‍රමාණයක් මේ චිත්‍රපටිය හදන්න වියදම් වෙලා තියෙනවා. කියන්න දෙයක් නෑනෙ SAW චිත්‍රපටි ගැන. මේකෙ අධික ලේ වැගිරීම් දර්ශන අන්තර්ගතයි. ඒ නිසා අධි-සංවේදි අයයි, කුඩා ළමයිනුයි මේක බලන්නෙ බලාගෙන. කොහොමහරි චිත්‍රපටියනම් ටොපේ ටොප්.
                                 චිත්‍රපටියෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කෝ. මුලින්ම මේක පටන් ගන්නෙ ජිග්සෝ මිනීමැරුමකින්. ඇත්තටම ඒක කරන්නෙ හොෆ්මන්(ජිග්සෝගේ මිත්‍ර FBI නිලධාරියා). මරන්නෙ සෙත් බැක්ස්ටර් කියලා කෙනෙක්(හොෆ්මන්ගෙ සොයුරිය මරපු කෙනා). SAW 4 දී ජිග්සෝ මැරෙනවානේ(සමහර විට බලලා නැති නිසා දන්නෙ නැතුව ඇති) ඉතින් මේ ජිග්සෝ අපරාධ ගැන පුදුම විදියට හොයන ස්ට්‍රාම් කියන FBI නියෝජිතයට ජිග්සෝ නැත්නම් ජෝන්ගෙ මිනිය හම්බ වෙනවා. එතන තියෙන ටේප් රෙකෝඩරයකින් ජෝන් කියනවා, තව ඉස්සරහට යන්න එපා, ජීවිතයට පවා හානි වෙන්න පුළුවන් කියලා. ඉතින් කිව්වට අහනවැයැ. ස්ට්‍රාම් දිගටම පරීක්ෂණය කරගෙන යනවා. වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. එයාව අහු වෙනවා. කොහොමහරි එයා එතනින් බේරෙනවා. ඉතින් මේ විදියට යන කතාවෙ ඊළඟට මොනවා වෙයිද? කතාව බලලම බලා ගන්නකෝ.
ඒක නෙවෙයි, දැන් එන්න එන්න මම උපසිරැසි දාපු චිත්‍රපටිවලට එන කොමන්ට් ප්‍රමාණය අඩු වෙනවා. ඒක චිත්‍රපටියෙ අවුලක්ද? නැත්නම් උපසිරැසියෙ අවුලක්ද? කොහොමහරි මම කියන්නෙ මෙච්චර අමාරුවෙන් දෙන උපසිරැසියට වචනයකින් හරි සහයෝගයක් දෙන්න කියලයි. එතකොට මට ඉතාම ඉක්මනින් තව තව උපසිරැසි දෙන්න පුළුවන් වෙයි. ආයෙමත් තවත් නියම චිත්‍රපටියක් එක්ක මුණ ගැහෙමු!!!

http://tinyw.in/kKoI


https://mega.co.nz/#!3Qw2GZaD!2vOkL2w-D7HWqHVaCLa5RxK9iC3sT55X0s_MTFZReC0