Scream 3 - මාරයාගේ ඇමතුම(සිංහල උපසිරැසි සමග)



      ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.
           ඔයගොල්ලන්ට කලින් දුන්න Scream 4 එකේ කලින් කතාව තමයි මේක. මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.
             මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා. SAW 5 වලින් ආපහු මුණ ගැහෙමු!!!




http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=Scream-3-2000.zip

                 

https://mega.co.nz/#!3Qw2GZaD!2vOkL2w-D7HWqHVaCLa5RxK9iC3sT55X0s_MTFZReC0