Begin Agian(2013) නැවත අරඹමු-සිංහල උපසිරැසි සමග


හම්මේ......ඔන්න ඉතින් හුඟක් කාලෙකට පස්සේ තවත් චිත්‍රපටියක උපසිරැසියක් එක්ක මම ආයෙත් ආවා. ඉතින් මගේ ප්‍රමාදයට හේතුව කිව්වොත් අපේ වාර විභාගෙ තිබුණා. ඒකට පාඩම් කරද්දී මේක ගැන හිත යොමු කරන්න වුණේ නෑ. ඒවගේම මම මේක විස්තර සහගතව කරපු පළවෙනිම උපසිරැසිය කියලා කියන්නත් පුළුවන්. මම කලින් දුන්න චිත්‍රපටි හතරම හොරර් ඒවා. මේ පාර වෙනසකටත් එක්ක මම වෙනම විදියේ චිත්‍රපටියක් ගෙනාවා. මේකත් නියම චිත්‍රපටියක්. මේකෙ මූලිකවම තියෙන්නෙ සංගීතෙ ගැන. මේකට සබ් දාන්න ගිහිල්ලා මට සංගීත ක්ෂේත්‍රෙ ගැන ගොඩක් අධ්‍යනය කරන්න වුණා. සංගීතෙදි භාවිත වෙන ගොඩක් වචන වගේම එක එක නිළියන්ගෙ නම්, චිත්‍රපටිවල නම්, ප්‍රස්තාව පිරුළු වගේ ඒවත් මේකෙ දෙබස් වල තිබුණා. ඉතින් ඒවගේ තැන්වලදි මම ඒක යටින් පොඩි විස්තරයක් දාලා ඇති ඒ මොකක්ද කියලා බලාගන්න. ඔයාලගෙ රසයට ඒකෙන් හානියක් වුණා නම් සමා වෙන්න ඕනා‍.
    චිත්‍රපටිය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2013දී. ඇමෙරිකානු ඩී.වී.ඩී නිකුත් වීම සිදු වෙලා තියෙන්නේ 2014 මැයි පළවෙනිදා. ජෝන් කාර්නිගේ අධ්‍යක්ෂනයෙන් නිම වුණ මේ චිත්‍රපටිය මිනිත්තු 105ක වේලාවක් ගමන් කරමින් අපේ කරුණ රසය අවදි කරවනවා. IMDb රේට් එක  7.5 ක්. Rotten Tomatoes අගය 83% ත් Metacritic අගය 62% ත් මේ චිත්‍රපටිය අරගෙන තියෙනවා. මේකෙ නළු නිළියො විදියට ඉන්නේ සැබෑම ගායකයෝ හා ගායිකාවෝ. ප්‍රධාන නිලිය විදියට රඟපාන ග්‍රේටා තමයි සිංදු රාශියක රචිකාවක් වන කේරා නයිට්ලි. ඊට අමතරව ඇගේ පෙම්වතා විදියට ඩේව් කෝල් චරිතයට පණ පොවන්නේ ඇඩම් ලෙවයින්. ඊට අමතරව මාර්ක් රෆ්ලෝත් ඩෑන් මුලිගන් නමින් මේ චිත්‍රපටියේ ප්‍රධන චරිතයකට රඟපානවා.
    චිත්‍රපටියේ නම දැක්කම තේරෙනවනේ මොකක්ද කියලා. මේක පැතිකඩ දෙකකින් දිවෙන චිත්‍රපටියක්. මේකෙදි ග්‍රේටා කියන්නේ තම පෙම්වතා එක්ක තරහ වෙලා ඉන්න ගීත රචිකාවක්. ඩෑන් තමාගෙ පවුලත් එක්ක තරහ වෙලා සියදිවි නසාගන්න යන බාගෙට පිස්සු මිනිහෙක්. පාරක් මෙයා එනවා ග්‍රේටා සිංදු කියන තැනට. එතනදි මේ මිනිහගෙ තිබුණ සියදිවි නසාගැනීමේ අදහස් ඔක්කොම අත ඇරෙනවා. එතන ඉඳන් මෙයා ග්‍රේටාත් එක්ක සංදු පටිගත කරන්න හදනවා. ඉතින් දිගටම කතාව කිව්වොත් වැඩක් නෑනේ. චිත්‍රපටිය බලලම බලාගමුකෝ.
    මේ සබ් එක ගැන කිව්වොතින් මේකෙ සින්දු ගොඩක් තියෙනවා. හැබැයි ඒවටනම් මම සබ් දැම්මේ නෑ. ඒත් සින්දුවෙ නම මොකක්ද කියලා මම සින්දුව පටන් ගන්නකොට දාලා තියෙනවා. ආ, තව එකක්. කස්ටියට කියන්න අලුත් ප්‍රවෘත්තියක් තියෙනවා. කට්ටිය ඒක දන්නවද දන්නෙත් නෑ. මම මගේ උපසිරැසි ටික දාලා බ්ලොග් එකක් හැදුවා. ඉතින් ඒකට යන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒක බලලා ඒක ගැන අදහස් තියෙනවනම් කියන්න. ඉතින් ඒකෙ ඇති මම ඊළඟට කරන උපසිරැසියත්. ඒකත් බලාගන්න. ඒ උපසිරැසිය එක්ක තව ටික දවසකින් මුණගැහෙමු!


https://kickass.so/begin-again-2013-720p-brrip-x264-yify-t9678212.html